Friday 16 January 2015

හරීන් ඔයා හරිද?

රස්නෙට වායූසමීකරණ යන්ත්‍ර සවි කර ගෙන තිබුනත් සීතලට හීටර්ස් පාවිච්චි කීරීම  අපේ අයට ආගන්තුකය. සීතල යැයි පවසමින් කල් දමා තිබූ ඌව පලාත් සභාව නැවත කැදවනු ලැබුවේ දින කීපයකට පෙරය. එහෙත් සැබවින්ම, අප මැතිදුන් හට සීතල ඇල්ලුවේ කුමන කාරණයක් නිසාද යන්න අප පාඨකයන්ට පැහැදිලි කිරීමට තරම් ඔවුන්ගේ දේශපාලන සවිඥාණය අවතකසේරු කිරීමේ උවමනාවක් මට නැත. කථාව එතරම් සරලය.

ඒ කථාව එතරම් සරල උවත්, වර්තමානයේ දිග හැරෙන කථාව එතරම් සරල නැත. මහින්ද රෙජිමයට එරෙහි පලමු වෙඩි මුරය මුදා හල හරීන් දැන් ඌවේ මහ ඇමතිය. හරි දේ කරමු කීව හරීන්,  ඌවේ මහ ඇමතිකම ගන්නේ  ජනතාවගේ ජන්ද බලයෙන් නොව, වෙනත් පක්ශයකින් බලයට පැමිනි ධනය හා බලය ඉදිරියේ දණ ගැසූ හොරුන් ‍රැලකගේ උදව්වෙන් වීම අපට ඇති ප්‍රශ්ණය ය. ඔහුගේ මහ ඇමතිකම පස්ස දොරෙන් දාපු ඩීල් එකක් වීම සහ යහපාලනය,  පොදු ජන මතය වෙනුවෙන් උස් හඩින් කථා කල හරීන් එසේ කිරීම අපට  ප්‍රශ්ණයකි. අපට ඇත්තේ හරීන් මහ ඇමතිකම ලබා ගැනීමේ ක්‍රමවේදයහි නීතීමය තත්වය ගැන ගැටළුවක් නොව, මැතිවරණ වේදීකාවේ  පතුරු ගැසූ සාධාරණත්වය ගැන හෘද සාක්ෂිය පිලිබද ගැටළුවක් බව වැඩිමනත් ලෙස සදහන් කල යුතුය.



හරීන්ගේ අවංකත්වය හා නායකත්වය ගැන අප හට ගැටළුවක් නැත. හරීන්ගේ වටිනාකම රුපියල් බිලියන ගණනින් ජනපති මැතිවරණ වේදීකාවේදී වෙන්දේසී වෙද්දී, මුදලට තම ආත්මය පවා නොදුන් හරීන් ගැන අපට ඇත්තේ ධණාත්මක පිලිගැනීමකී. නමුත් ඒ පිලිගැනීම, ඌවේ ජනතාවගෙ මහජන මතය අමු අමුවේ මහ දවල් මංකොල්ල කෑම ඉදිරියේ නිහඩව සීටීමට තරම් අපව දුබල කරන්නේ නැති බව කිව යුතුය.

හරීන්ගේ මහ ඇමතිකමේ සූජාතත්වය ප්‍රශ්ණ කරන අපිට, රනිල්ගේ අගමැතිකමේ පළුද්දක් නොපෙනෙන්නේ ඇයි දැයි කෙනෙකුට විමසිය හැක. එහෙත් රනිල් අගමැතිවන්නේ මුළු ලංකාව පුරා පැවති  ජාතික මැතිවරණයකින් පොදු ජන එකසත් පෙරමුණ හා එහි අපේක්ශකයා ප්‍රතික්ෂේප වෙන සන්දර්භයක් තුලය.වෙනත් වචනවලින් කියතොත් රනිල් අගමැතිවන්නේ ,  පැවැත්වූ ජාතික මැතිවරණයේදී පූර්ව කොන්දේසියක් ලෙස එය ඉදිරිපත් කර, එම යෝජනාව සදහා සමස්ථ ශ්‍රී ලාංකීක ජනතාවගේ  බහුතරයකගේ අකමැත්තක් නැති තත්වයක් තුලය. එය පාර්ලිමේන්තූවේදී  කුමන හෝ ආකාරයෙන් නිරූපණය වීම ගැන අප ප්‍රශ්ණ නොකරන්නේ එහෙයිනි.



එහෙත් හරීන් මහ ඇමති වන්නේත්, ඌව පලාත තුල පොදුජන එක්සත් පාලනය පෙරලා දමන්නේත් එවන් මහජන වරමක් ඉදීරියේ නොවන බව කිව යුතුය.
පැවති ජාතික මැතිවරණයේදීද ,එනම් පසුගිය ජනපතිවරණයේදීසමස්ත ඌව පලාතේ කැමැත්ත තිබුනේ  පොදු ජන එක්සත් පෙරමුණටමය. එය ඊට පෙර පැවති ඌව පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයේම ප්‍රතිබිම්භයක් බදුය.

2015 ජනපතිවරණය තුලදී පොදු පෙරමුණ බදුල්ල ද්‍රිස්ත්‍රික්කයෙන් ඡ්න්ද 249 243 ක් ගන්නා විට සිරිසේන මහතා ඡන්ද 249 524 ක් ලබා ගත්තේය.පැවති පලාත්පාලන මැතිවරනයේදී පොදු ජන එකසත් පෙරමුණ ඡන්ද 209,056 ක් ලබා ගන්නා විට එක්සත් ජාතික පක්ශය ඡන්ද 197,708 ක් හා ජනතා විමුක්ති පෙරමුන ඡන්ද 20,625 කි. ආසන බෙදී ගියේ පොදුජන එකසත් පෙරමුණට 9 හා එයට විරුද්ධව 9 ක් ලෙසිනි.

එසේම පැවති ජනපතිවරණයේදී මොනරාගල ද්‍රිස්ත්‍රික්කයෙන් පොදු පෙරමුණ 172,745 ලබා ගන්නා විට  සිරිසේන මහතා 105,276 ලබා ගෙන ඇත. සංසන්ධනාත්මකව පැවති පලාත් පාලන මැතිවරණයේදී මෙය පොදු ජන එකසත් පෙරමුණ ඡන්ද 140,850 ක් හා එක්සත් ජාතික පක්ශය ඡන්ද 77,065 ක් හා ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 15,955 කි.





එසේ නම් ඌවේ ජනතාව තම පලාත් සභාව තුල බල වෙනසකට තම මනාපය ප්‍රකාශ කර නොමැති බව පැහැදිලිය. ඔවුන්ගේ හඩ එදත් අදත් නොවෙනස්ය. හරීන්ගේ මහ ඇමතිකම ජනතා තින්දුවේ මංකොල්ලයක් යැයි අප පවසන්නේ උක්ත කාරණා පෙරදැරි කරගෙනය.

මධ්‍යම , බස්නාහිර , උතුරුමැද සියල්ල වෙනස් වෙද්දී ලියුම්කරු හරීන් දෙසට ඇඟිල්ල දිගු කිරීම සාධාරණදැයි කෙනෙකුට විමසිය හැක. ඒ ඒ පලාත් වලද පලාත් සභා පෙරලීම පිලිබඳ ගැටළු ඇතත් ඒ සෑම පලාත් සභාවකම පොදු වශයෙන්, ජනපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ හා එහි අපේක්ශකයා පරාද විය. ජනතා තේරීම වූයේ මහින්ද විරෝදයයි.එහෙත් ඌවේදි එසේ වී නැත. එදත් අදත් එහි කැමැත්ත පොදු පෙරමුණමය.

මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රකාශ වුයේ තනි පකශයකට හෝ පුද්ගලයෙකුට දැක් වූ  කැමැත්තක් නොව බලයට, බාහු බලයට එරෙහි යුක්තිය වෙනුවෙන් සමස්ථ ජනතාවට නැගූ හඩකි. යුක්තිය , මහජන මතය වෙනුවෙන් නැගුනු හඩ නැවත බලය හා ශක්තිය ඉදිරියේ දණ ගැසීමට සිදු වීම, ඒ ජනතා මතයට දුන් අතුල් පහරක් බදුය.මහජන වරම ලබා දුන් දින 100 වැඩ පිලිවෙලට ඌව පලාත් සභාවේ බලය පෙරලීමෙන් ලබා දෙන සහය කුමක්දැයි අපට නම් තේරූම් ගත නොහැක. එසේම රනිල් වික්‍රමසිංහ වැනි පරිණත නායකයකු තුලින් කිසීසේත් බලාපොරොත්තු විය නොහැකි, මෙවන්  මහජන මතයට පයින් ගැසීම සම්භන්ධව අපට ඒ මහතා සමඟ එකට සිට ගත නොහැක..


දේශපාලන මඩ ගෝහොරුවෙන් සුජාත පුත්‍රයන් බිහිවීමේ ෆැන්ටසි සිහිනයන් අප තුල නැත. එහෙත් යහපාලන, සාධාරණත්වය, ජනතා මතය සපථ කරමින් බලයට පැමිණි පිරිසකට එය අලුයම ලූ කෙලපිඩක් සේ අමතක කිරීමට තවම කල් මද බව අප මතක් කල යුතුය.

11 comments:

  1. අපේ රටේ මෙතෙක් පැවති මැතිවරණ , විශේෂයෙන් මෑත කාලයේදී 70 න් පසු වාගේ එකෙන් එකට ඉතාම දුෂිත තත්වයට පත්වුනා . රාජ්‍ය බලය තිබෙන අය විවිධ ධුෂණ කළා , ඉතින් එවැනි තත්වයක් යටතේ පවතී ඌ ව මැතිවරණයේදී හරීන් ගේ ක්‍රියාව එතරම්ම වැරදි කියන්න බහ මොකද ඔහු තරංග කල විපක්ෂයෙන් නිසා .,

    ReplyDelete
    Replies
    1. Fernando Surendra...
      යහනේ පචනයේ දෙවන රෙදි අපුල්ලන්නා

      Delete
  2. මචෝ මේ දේශපාලනේ පට්ට විහිළුවක් .උඹ දැකලා තියනවාද ලෝකේ වෙන රටක් තමන්ගේ පක්ෂය බලයෙන් පෙරලලා විපක්ෂයට බලය අරන් දීපු එකෙක් පක්ෂයේ සභාපති වෙනවා . මිනිස්සු ඡන්දේ දීලා බහුතරයක් ඉන්න ආණ්ඩු පක්ෂය පෙරලලා ඒ ආණ්ඩු පක්ෂයේ හිටපු එවුන් විපක්ෂයට ගිහින් විපක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවනවා .ඡන්දේ දීපු මිනිස්සු තවම එතැනම බලාගෙන ඉන්නවා .කාටද මචෝ පිස්සු .

    ReplyDelete
  3. මෙහෙමයි.....................

    ඔබගේ දේශපාලන මතය කුමක් වුවත්, ඔබ පසුගිය ජනාධිපතිවරණයේ දී සහය දුන් හෝ සාධාරණීකරණය කළ පක්ෂය කුමක් වුවත් ඔබගේ මෙම තර්කය සමග අප ඒකග බව පැහැදිලිව ම කිව යුතුයි... අපිත් ඔය පැණය අහනවා... ජනතාව ඡන්දය දුන් පළාත් සභාවක් ජනාධිපතිවරණයක් නිසා වෙනස් විය යුතුද??? පාර්ලිමේන්තුවේ අැමතිකම් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට පමණක් ලබා දීමේ සාධාරණය කුමක්ද????? මේක පැහැදිලි ප්‍රශ්ණයක් තමයි.... මෙහිදී වෙන්නෙත් ජනාධිපති බලතල අත්තනෝමතික ව ජනතා පරමාධිපත්‍යයට විරුද්ධව භාවිතා වීමක් නොවේද?????

    ReplyDelete
  4. හාරින් හරි නැත. හරින් කර තිබෙන්නේද මල මූසලයෙක් වූ සරත් නන්ද සිල්වා විසින් නීතිගත කළ මහින්ද රාජපක්ෂයන් කෝටි ගනන් මහජන මුදල් කාබාසිනීයා කළ සූදූවමය. මේ ජනමතය නොවේ. හොර ඩීල්ය. මේවා හරි කියන උන් පිස්සෝය. මන්ද අප මහින්ද රාජපක්ෂට විරුද්ධ වූයේ මෙවන් වැඩ නිසාය. ඒ නිසා ඒ දෙයම මෛත්‍රී හෝ රනිල් හෝ හරින් තියා මොකා කළද වැරැද්ද වැරද්දමය.

    හරින්, ඔබත් තවත් මහින්ද රාජපක්ෂ කෙනෙක් පමණි.

    ReplyDelete
    Replies
    1. "... මේ ජනමතය නොවේ. හොර ඩීල්ය...."

      අනේ මාතලන් තමුසේ කිසිම ප්‍රතිපත්තියක් නැති අලකනේ! මංගල සමරවීර වැන්නෙකු මහා විරත්වෙයේලා සලකන තමුසේ හරින්ට වැරදි කියන්නේ කොහොමද?

      Delete
  5. හරීන් මේ සඳහා උත්සාහ කලේ පළාත් සභාව පිහිටවූ පලවෙනි දවසේ සිටමය. ඒ නිසා හරීන් සාධාරණත්වය සහ හෘද සාක්ෂිය පිලිබඳ කියූ කතා හදවතින් කල කී දෑ නොවන බව මගේ වැටහීමයි.
    මුදලට අලෙවි වීම ප්‍රතික්ෂේප කිරීම ඔහු සතු ශුර දේශපාලන ඉව පිළිඹඳ හොඳ නිදසුනකි. මේ ඉව නොතිබූ පුද්ගලයා දයාසිරි ජයසේකරය . එදා මුදලට ගියානම් අදවනවිට ඔහුද තවත් තිස්ස අත්තනායක කෙනෙකි. ඔහු ඒ බව වටහාගැනීම ඔහුගේ දේශපාලන දිවිය ස්ථාවර කළේය . දේශපාලනයේදී හැමට පෙර තමන්ය .

    ReplyDelete
  6. නරින් ඇවිත් හූ කියනා මහ රෑට
    හොරුන් අටුව බින්දයි කියමුද කාට?
    හරින් රෙදිත් ඇඳගෙන දිවුරන දාට
    දුරින් පෙනෙයි යහපාලන යේ පාට..!

    ලේකම් මැතිඳු අද තනියම ''කොල'' බැද්දේ
    කහ කහ ඉන්නවා ලැගලා බලු මැද්දේ
    ''එහෙමම '' කරන්නට නම් ඇයි මහියට ඇද්දේ..?
    යහපාචනය බේරෙයි පල්ලෙන් රෙද්දේ..

    ගයාත්‍රි

    ReplyDelete
  7. ශ්‍රී ලාංකේය දේශපාලන‍යේ කිසිදු පැනයකට විසඳුමක් නොවූ පලාත්සභා ක්‍රමයේ එක් ඒකකයක් වන ඌවේ බලය පෙරළීම පිළිබඳ වූ සුජාත භාවය මා විසින් ප්‍රශ්න නො කෙරුන ද ජනාධිපතිවරණයට පෙර සිට ම පැහැදිලිව ම බල තුලනය මාරු වූ නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති කම මාරු කිරීම අමතක කර දැමුවේ මන්දැයි තම තමන් විසින් ම කල්පනා කිරීම වටී යැයි යෝජනා කරමි.

    ජනසම්මතයට පටහැනි ව ‍ගෙන ආ ව්‍යවස්ථාවකින් බිහි වූ පළාත් සභාවක සිදුවූ අසම්මත යැයි කියන්නා වූ කටයුත්තකට වඩා විහිළු දනවන සුළු කරුණු කරලියෙහි ඇත. ස්වාධීන අධිකරණයක් ගැන සිහින දුටු ජනතාවකට දැන හෝ නො දැන ලැබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කථා කරන හා එවන් ආයතනයක් හිමි අධිකරණ ඇමතිවරයෙකි. එපමණක් ද නොව එයට නො දෙවෙනි නියෝජ්‍ය ඇමතිවරයෙකි. අහෝ! වරලත් ගණකාධිකාරී ආයතනය විසින් වරලත් භාවය අහෝසි කරනු ලැබූ මුදල් ඇමතිවරයෙකි. ඉහත ඉවත් කිරීම සිදුවී ඇත්තේ සාමාජික මුදල් ගෙවීම අතපසු වීමෙන් යැයි සිතමි. එය ස්වාධීන අධිකරණයට බල නො පෑව ද ජනතාව ගේ අහිංසක යහපාලන සිහින‍යේ මඳ තිගැස්මකි.

    මා මෙසේ ලියූ පමණින් කිසිවකු හෝ සිහිනයෙන් අවදි විය යුතු හෝ වෙනත් සිහිනයකට මාරු විය යුතු නැත. මක් නිසාද යත් තව ම එයට කල් වැඩි ය, මේවා පත් කර ඇත්තේ අතෙහි ඇති විකල්ප සළකා බලා ය. පසු ගිය ආණ්ඩුවේ සිටි නරක මන්ත්‍රීවරුන් වෙනුවට උගත් බුද්ධිමත් සදාචාර සම්පන්න මන්ත්‍රීවරුන් පමණක් තේරීමට අවස්ථාව ඊළඟ මහ මැතිවරණයේ දී අපට ලැබෙන නිසා තව දින 150ක් පමණ බලා සිටීමට යෝජනා කරමි. අර නරක මිනිසුන් ඊළඟ නාම යොජනා ලැයිස්තුවේ වත් සිටිනු ඇතැයි මම නො සිතමි, නො පතමි. නුඹලා ද මා මෙන් පතනු ඇතැයි සිතමි.

    මෙත්තා, කරුණා පෙරදැරිව කටයුතු කිරීමට වැර දරන වකවානුවක උපේක්ෂා සහගතව බලා සිටිත ත් නැගෙනහිර බල පෙරළිය කරළියට නො ඒම දෙස එසේ බලා සිටීම උගහට ය.

    1994 හා 2015 මැතිවරණ එකිනෙකට වෙනස් වන්නේ ඇඳිරි නීතියෙන් හා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියෙන් පමණි. බලාපොරොත්තු ප්‍රමාණය එක ම ය. මෙය නො තේරුණු අයෙක් වේ නම් මා ඇමතුව හැක. මෙය යම් පමණකින් හෝ වටහා ගෙන සිටියේ ජ.වි.පෙ. පමණක් සේ ය.

    ReplyDelete
  8. පොඩ්ඩක් බැලන්ස් කරල ලියන්න හදල තියෙනව, හරීන් ගැන හොඳකුත් කියල තියනවනෙ. හැබැයි හරීන්ගෙ සිද්ධිය විතරක් කතා කරල තියෙන නිසා පොඩ්ඩක් Personal ගතියක් තියෙනව. මධ්‍යම, උතුරු මැද, බස්නාහිර වෙන දේයි, අනිත් පැනපු ඇමතිවරු ගැනයි පොඩ්ඩක් ලිවුවනම් හොඳයි

    ReplyDelete
  9. මේ වෙලාවේ වැදගත් පළාත් සභාවල බලය ඇල්ලීම නෙමෙයි කියන එකයි මගේ හැඟීම නම්..

    ReplyDelete

2222