Saturday 7 August 2010

මකියාවෙල්ලි නොදුටු ලOකාව......

මයියා ට මේ ලගකදී නියම පොතක් කියවන්න ලැබුනාය. පොතට වඩා , පොත ලියපු ලේඛකයා නමි ඉතා ප්‍රසිද්ධය. දේශපාලනය ගැන යන්තම් හරි උනන්දුවක් දක්වන්නේ නම් "මකියාවෙල්ලි" කියන නම ඕගොල්ලන්ට මගහැරී තියෙන්න විදිහක් නැත. මයියා කියෙව්වේ මේ කියන මකියාවෙල්ලිගේ "කුමාරයා" නැමැති පොතයි.

16 වෙනි ශතවර්ශයේ ඉතාලියේ ජීවත් උන මේ කියන මකියාවෙල්ලි ( නිකලෝ මකියාවෙල්ලි ) "කුමාරයා" පොත ලියලා තියෙන්නේ එකල ඉතාලියේ තිබ්බ දේශපාලන ගැටලු වලට රාජාන්ඩුවක් තුලින් විසදුම් දෙන්නෙ කෙසේද? කියන මුලික ප්‍රශ්ණය මුල් කරගෙනයි.

මේ තියෙන්නේ ඔහු ගැන විකිපීඩියා වල සදහන් වන දේයි.....
http://en.wikipedia.org/wiki/Niccol%C3%B2_Machiavelli

කෙසේ උනත් මයියා මේ පොත ලියා ඇති ශෛලියට ඉතා කැමතිය. මේ පොත මගින්, කිසියම් ප්‍රශ්ණයක් දිහා බැලිය හැකි සියලුම ආකාර දක්වා තියෙනවා.

උදාහරණයක් ලෙස කිසියම් දේශපාලන ප්‍රශ්ණයක්, හොදින් විසදන ආකාරයත්, නරකින් විසදන අකාරයත් , මධ්ය්‍යස්ථව විසදන ( පතෝල වගේ....ගුණේකුත් නැති, අගුණෙකුත් නැති ) ආකාරත් ආදී සියලුම ප්‍රවේශයන් හා ඒවායේ ගුණ දොස් ද වෙනවෙනම විස්තරාත්මකව ලියා තිබෙනවා

මේ පොත කියවාගෙන යද්දී මයියාට කලින් ඔහුට කණවැටුණු කථාවක් සිහියට ආවා.

" අසුබවාදියා සුළගට බැන බැන ඉන්නවා....
සුබවාදියා හොද සුළගක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා,.........
යථාර්ථවාදියා තිබෙන සුළගට අනුව රුවල සකස් කරනවා"

මයියා ට හැගුන විදිහට මකියාවෙල්ලි මේ පොත මගින් යමක් කල හැකි අකාරය දිහා ප්‍රායෝගිකව බලා තියෙනවා. මෙහිදී ඔහු සුබවාදී හෝ අසුබවාදී අන්තයන් බැහැර කර ඒ අවස්තාවේ ගත යුතු පියවර මොනවාදැයි තර්කානුකූලව ඉදිරිපත් කර තියෙනවා..

ඉස්සර කීවේ හිටපු ජනාධිපති ජේ.ආර් මහත්තයා , මේ මකියාවෙල්ලිගේ පොත හොදට කියවා තියෙනවා කියලාය.. දැන් නම් බලාගෙන යද්දී මේ පොතෙන් හොදටම වැඩ අරගෙන තියෙන්නේ මහින්ද මහත්තයා ය.

මේ කියන මකියාවෙල්ලිගේම " ද ආර්ට් ඔෆ් වොර්" කියලා තව පොතක් තියෙනවාය. ඒ පොතේ හැටියට ඕනැම යුද්ධයකින් පස්සේ , ජනතාවගේ ගෞරවයට පාත්‍ර උන හමුදා නායකයින් ඒ තනතුරු වලින් ඉවත් කල යුතුය..නැතිනම් එම නායකයින් රජුට අනතුරුදායක වීමට ඉඩ තිබෙනවාය..

ඒ අනුව මහින්ද මහත්තයා පොතට අනුවම වැඩ කර ඇත



මේ පොත ඇතුලු තවත් වටිනා පොත් කීපයක් පහත දැක්වෙන වෙබ් අඩවියෙන් බා ගත කල හැක.

http://constitution.org/

6 comments:

  1. really nice post....i've read this book "කුමාරයා".......:)

    ReplyDelete
  2. කියවන්ට වටින පොතක් කියල අහල තිබුනා.. ඒත් කියවන්ට හම්බ වුනේ නෑ මචං...දැන්නම් කියවන්ටම හිතුනා...

    ReplyDelete
  3. I also read that book. I think MR is the leader who excellently follow that book as writer said.

    ReplyDelete
  4. හැබැටම කොහොමද මේ සයිට් එකෙන් පොත් හොයාගන්නෙ

    ReplyDelete
  5. මචෝ,
    ද ආර්ට් ඔෆ් වොර් ලිව්වේ මැකියාවෙල්ලි නෙවෙයි,
    ඒක චීන පොතක් ලියලා තියෙන්නේ සුන් ට්සු කියලා චීන ජෙනරාල් කෙනෙක්.
    http://en.wikipedia.org/wiki/The_Art_of_War

    ReplyDelete
  6. නූතන දේශපාලන විද්‍යාවේ පියා කියන ගරු නම්බු නාමයත් තියෙන්නේ මැකියාවෙලීටනේ. මෑන්ම තමා කියලා තියෙන්නේ "පාලකයා විටෙක් සිංහයෙක් මෙන් නිර්භීත විය යුතු අතර විටෙක නරියෙක් මෙන් කපටි විය යුතුයි" කියලා

    ReplyDelete

2222